මහියංගණ පෙරහැරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා ඇති බව වාර්තා වේ.
අද (30) පාන්දර 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වේ.
වන අලියකු යැයි සිතා මෙලෙස සීතා ඇතින්නට වනජීවී නිලධාරින් විසින් වෙඩි තබා ඇති බව සඳහන්.
වෙඩි වැදුණු ඇතින්නට මේ වන විට ප්‍රතිකාර සිදු කරනු ලබන අතර සීතා ඇතින්න ගේ වයස අවුරුදු 47කි.
