පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ තවත් පුද්ගලයන් තිදෙනකු ත්‍රීරෝද රථයකින් ගංජා පාර්සල් තුනක් ප්‍රවාහනය කරමින් සිටියදී ඔක්කම්පිටිය නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආරක්ෂක නිලධාරියකු යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.
මොණරාගල කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරියකුට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ගංජා සමග මෙම සැරයන්වරයා ඇතුළු තිදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
