ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම අත්හිටුවයි.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර මේ වන විට පවතින යුද්ධමය තත්වය පිළිබඳව අවදානය යොමු කර ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටවූ බවට විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (11) පැවසූ බව වාර්තා වේ.

ඊශ්‍රායලයට රැකියා සඳහා පිටත්ව යෑමට තවත් කණ්ඩායමක් සූදානමින් සිටි බව කී අමාත්‍යවරයා ඊශ්‍රායලයේ මේ වන විට සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් එයට කිසිඳු බාධාවක් නොමැති බව ද සඳහන් කර තිබේ.
 

Exit mobile version