අනියම් බිරිඳට පහරදුන් පොලිස් සැරයන්වරයෙකු බඩල්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකි.
පොලීසිය පවසන්නේ බඩල්ගම, කටුකෙන්ද, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම අනියම් බිරිඳ මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිස් සැරයන්වරයාගෙන් පහරකෑමට ලක් වී ඇති බවයි.
එම කාන්තාව විසින් බඩල්ගම පොලීසියට සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ .