මාලඹේ පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිට වෙඩි තැබීමට සූදානම් වූ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවේ පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එයින් මිදී පලා යාමට තැත්කර තිබේ.
බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙලෙස වෙඩි තැබීමට තැත් කළ බවට විමර්ශන වලින් හෙළිවේ.
චෝදනාවට ලක්වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
