පිටකොටුවේ සිට කොට්ටාව බලා ධාවනය වූ බස් රථයක ගමන් කළ තරුණියකගේ ලැම ප්‍රදේශය ස්පර්ශ කළ පොලිස් විශේෂ කාර්‍ය බලකායේ සැරයන්වරයෙකු කිරුලපන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සිදුවීම අදාළ තරුණිය විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර , කෑගසා , සිද්ධිය සම්බන්ධයෙන් රියදුරු සහ කොන්දොස්තරවරයා දැනුවත් කර තිබේ.
අනතුරුව සැකකාර සැරයන්වරයා කිරුලපන පොලිසිය වෙත භාර දීමට කටයුතු කළ බව සඳහන්.














































