මත්ද්‍රව්‍ය පානය කරමින් රාත්‍රී රාජකාරියේ යෙදී සිටි පාදුක්ක පොලිසියේ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක් කළ බව වාර්තා වේ.
මෙම පොලිස් සැරයන්වරයා ඉකුත් 30 වන දා දින රාත්‍රියේ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රාජකාරියේ නිරතව සිට ඇති අතර මොහුව හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීතුමිය හමුවට ඉදිරිපත් කර තිබේ.මෙම පොලිස් සැරයන්වරයා විෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අයෙකු බව එහිදී හෙළි වී තිබේ.
පොලිස් නිලධාරියෙකු ලෙස වැරදි පූර්වාදර්ශ ලබා දීම , සෙසු නිලධාරීන්ගේ විනය පවත්වාගෙන යාමට සහ රාජ්‍ය සේවය අපකීරිතියට පත් කිරීමට කටයුතු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ඊයේ (31) දින මොහුගේ වැඩ තහනමට ලක් කළ බව සදහන්.
