ගාල්ල වරායේ නැංගුරම් ලා තිබූ අබුඩාබ් රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා නෞකාවේ ඉහළ මහලෙන් මුහුදට වැටී අද (01) අලුයම මියගොස් ඇති බවට වාර්තා වේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් 29 වැනිදා සිට ගාල්ල වරායේ මෙම නෞකාව නැංගුරම්ලා තිබූ අතර මෙහි සිටි ප්‍රධාන ඉංජිනේරුවරයා මුහුදට වැටී ඇති බව සදහන්.
නෞකාවේ සේවකයින් ඔහු ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි ලිතුවෙනියා ජාතිකයෙකි.
නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ දේහය මේ වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර තානාපති කාර්යාලය දැනුවත් කොට ඉදිරියේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කරන බව සදහන්.
