දඩයමට යාමට සූදානම් වූ වෙඩික්කරුට වෙඩිල්ල වදී.

සත්ව දඩයමේ යාමට සූදානම් කළ තුවක්කුවක් ක්‍රියාත්මක වී තුවාල ලැබූ පුද්ගලයෙකු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ විසි තුන් හැවිරිදි හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙරට නිපද වූ ගිනි අවියකට වෙඩි බෙහෙත් ඇතුළු කරමින් සිටියදී මෙලෙස ක්‍රියාත්මක වී ඇති බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version