රත්මලාන ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමිකරුට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝල අවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බව වාර්තා වේ.
පොලිසිය පැවසුවේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ,මෘතශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති බව සදහන්.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
