කෙහෙළියට එරෙහි අත්සන් ව්‍යාපාරය අදත්.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි මහජන අත්සන් ලබා ගැනීම කළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිට අදත් (18) සිදුවූ බව වාර්තා වේ.

සමගි ජන බලවේගය, කළුතර ආසන සංවිධායක අජිත්.පී.පෙරේරා විසින් මෙම අත්සන් ව්‍යාපාරය සිදුකර තිබේ.

වර්තමාන සෞඛ්‍ය සේවාවට මෙන්ම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට තම ධුරයෙන් ඉල්ලා අස්වී සුදුසු කෙනෙකුට මෙම සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දී නිසි පරිදි සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි රජයට බල කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ බව සදහන්.

Exit mobile version