60 හැවිරිදි ඉන්දියානු ජාතික මුනිරාජ් නම් විශ්‍රාම ලත් සෝදුපත් බලන්නෙකු විසින් අනන්තය දක්වා දින සොයා ගත හැකි දින දර්ශනයක් නිර්මාණය කර ඇති අතර එය පිටු 24 කින් යුතු පොකට් දින දර්ශනයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මොහු විසින් මීට පෙරද ඉදිරි අවුරුදු බිලියන 22 ක් දක්වා පිටු 30කින් යුතු දින දර්ශනයක් නිර්මාණය කර තිබූ අතර එය රජයේ සම්මානයට ද පාත්‍ර වූ බව වාර්තා වේ.
මුනිරාජ් නැමැති මෙම පුද්ගලයා මෙවැනි දින දර්ශන නිර්මාණය කරනු ලබන්නේ යම් කිසි ගණිත කර්මයක් මූලික කරගෙනය.මෙම ගණිත කර්මය ඔහු විසින් සොයා ගෙන ඇත්තේ 1988 වර්ෂයේ දී දිනයක් සොයා ගැනීමට ගත් උත්සාහයෙන් බව සදහන් කරයි.
