ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්ථාන තරගය අද (02) මහනුවර , පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිත අතර මේ වන විටත් ඉන්දියා , පාකිස්ථාන සහ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණය වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
නමුත් පල්ලෙකැලේ ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයේ අහස මේ වන විට වළාකුළින් බරව පවතින බවත් , මහනුවර නගරයට වර්ෂාව ඇද හැලෙන බවත් සඳහන් වේ.
අද (02) උදෑසන කාලයේත් ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයට මද වැසි පතිත වූ අතර ඒ හේතුවෙන් තණ තීරුව වැසි ආවරණවලින් ආවරණ කර තිබුණි.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා මාධ්‍ය සඳහන් කර ඇත්තේ අද (02) තරගය සඳහා කාලගුණය ප්‍රශ්නයක් විය හැකි බවයි.
