මහ බැංකු පනතේ නිවැරදි කිරීමි සිදුකිරීමට ඇති බැවින් තවම ඊට තමා අත්සන් නොකළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇති බව වාර්තා වේ.
විපක්ෂයේ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා විසින් නැගූ පැනයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
එම නිවැරදි කිරීම් තමාට කළ නොහැකි බවත් ඊට අදාල නිලධාරීන් එය සිදු කළ පසු තමා ඊට අත්සන් කරන බවද ඔහු පවසන ලදි.
මෙම පනතට අත්සන් කිරීම ප්‍රමාද වීම නිසා මුදල් අච්චු ගැසීම අසීමිතව සිදුවන බව වාර්තාවන බවද චන්දිම වීරක්කොඩි මහතා කථානායකවරයාට පැහැදිලි කර දී තිබේ.
