කතානායක පනත් දෙකට අත්සන් තබයි.

දේශීය ආදායම් සංශෝධන පනතට සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) අත්සන් තැබූ බව වාර්තා වේ.

ඒ අනුව ,එම පනත් දෙකම අද සිට බලාත්මක වන බවට පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මෙම පනත් දෙක සම්බන්ධයෙන් විවාදය ඊයේ සහ පෙරේදා පාර්ලිමේන්තුවේ පැවැත්වූ අතර ඊයේ පස්වරුවේ එය සම්මත වූ බව සඳහන්.

Exit mobile version