පසුගිය 15 වන දින රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන් තොටුපොළ වෙත ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.605 දරණ යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් යළි දිවයිනට පැමිණීම පැය 30කට ආසන්න කාලයක් ප්‍රමාද වූ අතර එම ගුවන් යානය අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත් කිරීමෙන් පසුව මගීන් 300ක් පමණ පිරිසක් රැගෙන ඊයේ (16) රාත්‍රියේ යළි දිවයින බලා පිටත් වූ බව වාර්තා වේ.
ඒ අනුව මෙම ගුවන් යානය අද (17) උදෑසන 9.30 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වීමට නියමිත බව සදහන් .
