මහල් තුනකින් ඇද වැටුණු සිසුවා ජීවිතක්ෂයට .

අද (18) උදෑසන විශ්වවිද්‍යාල සිසුවෙකු නේවාසිකාගාර ගොඩනැගිල්ලක තෙවන මහලින් ඇදවැටී හෝමාගම රෝහල වෙත ඇතුළත් කළ අතර එහිදී සිසුවා ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත හෝමාගම දියගම පිහිටි තාක්ෂණික පීඨයේ අධ්‍යාපනය හදාරමින් සිටි 26 හැවිරිදි සිසුවෙකි.

සිසුවා ගොඩනැගිල්ලෙන් ඇදවැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති නමුත් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගොස් ඇති සිසුවා අයිස් මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වී සිටියාද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කහතුඩුව පොලීසිය විසින් සිදු කරනු ලබයි .

Exit mobile version