නුවරඑළිය ලබුකැලේ ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවෙකු අබිරහස් ලෙස ගෙලවැලලාගෙන මියගිය පුවතක් වාර්තා වේ.
මෙම සිසුවා තම නිවසේදී ගෙල වැලලාගෙන ඇති අතර අසාධ්‍ය තත්වයේ සිටි සිසුවා නුවරඑළිය මහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව සඳහන්.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නුවරඑළිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
