දේශීය ආදායම් පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති බව අද (05) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය අගෝස්තු 28 වනදා අවසන් කළ බව සදහන්.

ඒ අනුව, එම තීන්දුව කථානායකවරයා වෙත යොමු කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර තිබේ.

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙක් වන චතුරංග අබේසිංහ ඇතුළු දෙදෙනෙකු විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබූ බව සදහන්.

Exit mobile version