වරෙන්තු කිහිපයකට අදාළව සහ හෙරෝයින් මිලිග්‍රෑම් 6400 ක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මාදිවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බවට තලංගම පොලිසිය වාර්තා කරයි.
මොහු කැබ් රථයකින් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර නැවතත් පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී මෙලෙස පලාගොස් ඇති බව සදහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි (38) හැවිරිදි පුද්ගලයෙකි.
