පොලීසියට බෝම්බ ගහන්න ගිය සැකකරු මාට්ටු .

මාලිගාවත්ත ඇපල් වත්ත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක සැඟව සිටි අපරාධකරුවෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එහි ගිය මාලිගාවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකට බෝම්බයකින් දමා ගැසීමට උත්සාහ කළේ යැයි කියන එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම බෝම්බය ද පොලිස් බාරයට ගෙන ඇති අතර එය මෙරට නිෂ්පාදිත එකක් බවට මාලිගාවත්ත පොලීසියේ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි වියේ පසුවන මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.
 

Exit mobile version