බේරුවල පොලිස් සිර මැදිරියෙන් පලාගිය සැකකරු නැවත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
පසුගිය 27 වැනිදා විසිහය හැවිරිදි මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටියදී පලා ගොස් තිබේ.
පසුව පොලිස් නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී නැවතත් අයිස් මත්ද්‍රව්‍ය සමග පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.