සවලකින් පහරදී මිතුරා මැරූ සැකකරු අත්අඩංගුවට .

වවුනියාව, කල්මඩු ඊශ්වරපුරම් ප්‍රදේශයේ දී සවලකින් පහරදී සිය මිතුරා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අද (10) අලුයම අත්අඩංගුවට ගත් බවට වවුනියාව ඊච්චන්කුලම පොලිසිය වාර්තා කරයි.

මිතුරන් දෙදෙනකු පැවැත්වූ මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකොට ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

එලෙස ඝාතනය කොට ඇත්තේ වවුනියාව , කල්මඩු , ඊශ්වරිපුරම් හි පදිංචි වේලුසාමි නිශාන්තන් නැමති 32 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ ඝාතනය වූ ස්ථානය පරීක්ෂා කිරීමේදී මත්පැන් බෝතල් , මියගිය පුද්ගලයාට පහරදීමට යොදාගත් සවල සහ මියගිය පුද්ගලයාගේ භාණ්ඩ කිහිපයක් සොයාගත් බවයි.

ඝාතනයත් සමඟ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිට ඇති අතර අද අලුයම ඊච්චන්කුලම පොලිසිය වෙත පැමිණ තමන් විසින් කළ අපරාධය පාපොච්චාරණය කොට පොලිසියට භාරවී ඇති බව සඳහන්.

Exit mobile version