රන් භාණ්ඩ,මුතු මැණික් සොරාගත් සැකකරු දැලේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරිනියකගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 45කට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ මුතු මැණික් සොරාගත් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ගල්කිස්ස – අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවේ දී සැකකරු ජනේලයකින් ඇතුළු වී මෙලෙස දේපල සොරාගෙන ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මාලඹේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

Exit mobile version