ඌරු ගොවිපොළවල් ආශ්‍රිතව වසංගත රෝගයක් ව්‍යාප්ත වන බවත් , බස්නාහිර පළාත තුළ මෙම තත්ත්වය උග්‍ර අතට හැරී ඇති බවත් සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම වසංගතය PRRS ලෙස හඳුන්වන අතර මෙම තත්ත්වය 2020 වර්ෂයේ හඳුනාගෙන තිබේ. එම අවස්ථාවේ දී ඊට අවශ්‍ය එන්නත් මෙරටට ගෙන්වා ඌරන්ට ලබා දී ඇති අතර එයින් වසංගත තත්ත්වය පාලනය වී තිබිණි.එලෙස වසංගත තත්ත්වය පාලනය වීම නිසා ඌරු ගොවිපොළ හිමියන් එන්නත් ලබා දීන මෑත කාලීනව නවතා දැමීමෙන් නැවතත් වසංගත තත්ත්වය උග්‍ර තත්ත්වයට පත්ව ඇති බව සඳහන්.
බස්නාහිර පළාතේ මෙන්ම ගලේවෙල , වහකෝට්ටේ , මාතලේ , කිලිනොච්චිය , යාපනය යන ප්‍රදේශවල ඌරු ගොවිපොලවල් ආශ්‍රිතව මෙම වංගත තත්ත්වය ව්‍යාප්තව තිබෙන බවට වාර්තා වේ.
