සිනමාව , ප්‍රසිද්ධ ස්ථානවල සංගීතය වාදනය කිරීම සහ විනෝදාත්මක වැඩසටහන් සඳහා තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ වැසියන් හට දැඩි තහනමක් පනවා ඇති අතර සංගීතය දුරාචාරයක් ලෙස සලකමින් තලෙයිබාන්වරුන් විසින් පසුගිය 29 වනදා ඩොලර් සිය ගණනක් වටිනා රාජසන්තක කරන ලද සංගීත භාණ්ඩ සහ උපකරණ ගිනිතබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
” සංගීතය ප්‍රවර්ධනය කිරීම සදාචාරාත්මක දූෂණයට හේතුවන අතර එය වාදනය කිරීම තරුණයන් නොමග යවනවා ” යැයි තලෙයිබාන්වරු ප්‍රකාශ කර තිබේ .
