පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අනිද්දා දිනයෙන් අවසන් වීමට නියමිත බවට වාර්තා වේ.
වාර්තා වන ආකාරයට එම පළාත් පාලන ආයතන 340ක නිල කාලය අවසන් වීමෙන් එම ආයතනවල ඉදිරි කටයුතු සිදු කිරීම සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පළාත් ආණ්ඩුකාරවරු අතර පැවැත්විණි . එහිදී පළාත් පාලන ආයතන , කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.
