මව පුතු එක්ව කළ සොරකම .

යතුරු පැදි සොරකම් කිරීමේ යෙදුණු මවක් සහ පුතෙකු ඇතුළු තිදෙනෙක් ජාඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල , උදම්මිට ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

සැකකරුවන් විසින් සොරා ගන්නා ලද යතුරු පැදි හතක් සහ ත්‍රීරෝද රථයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙන අතර කාර්මිකයෙකු ලෙස රැකියාවේ නියුතු සැකකාර පුත්‍රයා සතුව තිබී ජීව අත්බෝම්බයක් ද සොයාගෙන තිබේ .

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (18) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .

Exit mobile version