එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තේමා ගීතය එළි දකී .

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල තේමා ගීතය අද (20) නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

” දිල් ජෂන් බෝලේ ” ලෙස නම් කර ඇති මෙම ගීතයේ වීඩියෝව සඳහා රංගනයෙන් දායකත්වය ලබාදී ඇත්තේ සුපිරි බොලිවුඩ් නළු රන්බීර් සිං විසින් වන අතර එම ගීතයේ සංගීත අධ්‍යක්ෂණය ඉන්දීය සංගීතඥයෙකු වන ප්‍රීතම් චක්‍රබෝර්ති විසින් සිදු කර ශ්ලෝක් ලාල් සහ සාවේරි වර්මා විසින් ගීතය රචනා කර තිබේ .

ලබන මස පස්වන දා සිට නොවැම්බර් මස 19 වන දා දක්වා එක් දින ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේ දී පැවැත්වෙන බව වාර්තා වේ.

Exit mobile version