හොරාට විදුලිය ගත් රූපලාවන්‍ය කතක් දැලේ.

මාස ගණනාවක් තිස්සේ රූපලාවන්‍යාගාරයකට හොරෙන් විදුලිය ලබා ගෙන සිය කටයුතු පවත්වා ගෙන ගිය 51 හැවිරිදි කාන්තාවක් ලංකා විදුලි පුද්ගලික සමාගමේ අලුත්ගම ප්‍රධාන කාර්‍යාල විමර්ශන ඒකකය සහ අලුත්ගම පොලිසිය එක්ව කළ විමර්ශනයක දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇයව කලුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.  

Exit mobile version