දුම්රිය මගීන්ගේ ගැට කපන්නා අත්අඩංගුවට.

අද (08) දින හැටන් පොලීසියේ නිලධාරීන් විසින්, හැටන් දක්වා පැමිණෙන රාත්‍රි තැපැල් දුම්රියේ පැමිණ, හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාවේ නවාතැන් ගන්නා දුම්රිය මගින්ගේ මුදල් පසුම්බි සොරාගන්නකු  සිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එලෙස පැමිණෙන මගීන් බස් රථ පැමිණෙන තුරු විශ්‍රාම ශාලාව තුල විවේක ගන්නා අතර, එම මගින් විශ්‍රාම ශාලාවේ නිදා ගැනිමෙන් පසු  සැකකරු මගින්  මුදල් පසුම්බි සොරාගෙන ඇති බව හැටන් පොලිසියේ පැමිණිලි අංශයේ නිලධාරින් කරන ලද මුලික විමර්ෂණයේදි අනාවරණය වි ඇති බව වාර්තාවේ.

සුපුරුදු පරිදි අද දින අලුයමද විශ්‍රාම ශාලාවේ විවේක ගනිමින් සිටි මගියෙකු හට අයත්  මුදල් පසුම්බියක් සොරා ගෙන යමින් සිටි සැකකරු,  මුදල් පසුම්බියේ හිමිකරු විසින්ම අල්ලාගෙන පොලිසිය වෙත භාර දී තිබේ.

මෙම  සැකකරු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් වාර්තාවේ.

 එම සැකකරුට අයත් මුදල් පසුම්බියේ විවිධ පුද්ගලයන්ගේ ජාතික හැදුනුම්පත්, බැංකු කාඩ්පත් සහ කාන්තා ඡායාරුප කිහිපයක් තිබු බවය හැටන් පොලිසිය සදහන් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කීරීමට නියමිත  බව හැටන් පොලිසිය පවසයි.

Exit mobile version