දුම්රිය රියදුරු සංගමය විසින් අද මධ්‍යම රාත්‍රී 12 .00 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට පාලනාධිකාරිය වෙත ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව දැන් සිටම ඇතැම් දුම්රිය රියදුරන් විසින් අසනීප නිවාඩූ වාර්තා කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
අද දින රාත්‍රී ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා අනෙකුත් දුම්රිය ද අවලංගු වීමට නියමිත අතර සවස ධාවනය ද ගැටලුවක් වෙමින් පවතී.
ඇතැම් දුම්රිය ධාවනාගාර වල රියැදුරන් කොටසක් දූම්රිය ධාවන කටයුතු සඳහා කටයුතු සිදු කරන අතර ඇතැම් ධාවනාගාර රියැදුරුන් කොටසක් පමණක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇත.
දෙවන පෙළට උසස්වීම් ලබා නොදීමේ ගැටලුවක් පදනම් කර ගනිමින් අද දින රාත්‍රී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කිරීමට නියමිතව ඇත.
දුම්රිය රියදුරු වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මේ වන විට දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා හා එම වෘත්තීය සමිති අතර සාකච්ඡා දුම්රිය මූලස්ථානයේ දී පැවැත්වේ.
අවසන් තීරණය එම සාකච්ඡාවෙන් පසුව ගැනීමට නියමිත බවද එම සංගමය සඳහන් කරයි.
