අද (30) උදෑසන 5.25ට මරදාන බලා ධාවනය වූ දුම්රියක් මග්ගෝන ප්‍රදේශයේදී පෙරවරු 6.25 ට පමණ කාර්මික දෝෂයකට ලක් වී ඇති අතර ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වූ බව වාර්තා වේ.
අනතුරුව කාර්මික ශිල්පීන් විසින් කාර්මික දෝෂයට ලක් වූ දුම්රිය කළුතර උතුරු දුම්රිය ස්ථානය දක්වා මන්දගාමීව රැගෙන යාමට කටයුතු කළ බව වාර්තා වේ. නමුත් මේ වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය නැවත යථාතත්ත්වයට පත් වෙමින් තිබෙන බව සඳහන්
