නිධානයකින් ලබාගත් බව කියන දේව රූපයක් විකිණීමට රැගෙන යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු හා පුරුෂයෙකු මන්නාරම පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.
මන්නාරම -මහනුවර බසයේ පිළිමයක් රැගෙන යන බවට ලැබුණු තොරතුරක් මත බස් රථය නවත්වා පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව සදහන්.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා සහ පුරුෂයා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිදුවීම සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
