අතුරුදන් වූ සිසුවියන් දෙදෙනා අකුරුමුල්ලෙන් මතුවෙයි.

පසුගිය 15 වන්දා ඉඟිනියාගල , පොල්වත්ත ප්‍රදේශයෙන් අතුරුදන් වූ පාසල් සිසුවියන් දෙදෙනා අකුරුමුල්ල ප්‍රදේශයේ නිවසක සිටිය දී සොයා ගත් බව වාර්තා වේ.

මෙලෙස අතුරුදන්ව සිටියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින 16 හැවිරිදි දැරියන් දෙදෙනෙකි.

මෙම සිසුවියන් දෙදෙනා නිවසින් පිටත් වී කොළඹ ප්‍රදේශයට පැමිණීමෙන් අනතුරුව එක් සිසුවියක් තම පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර එම තරුණයා විසින් මෙම සිසුවියන් දෙදෙනා ඔහුගේ මිතුරෙකුගේ අකුරුමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් වෙත රැගෙන ගොස් ඔවුන්ට නවාතැන් ලබා දීමට කටයුතු කර තිබේ.

Exit mobile version