ගිනි තබා ගත් අයෙක් මුදාගන්න ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහලට.

වාලච්චෙන , මාන්චෝලේ පාසල පාරේ පිහිටි නිවසක සිරුරට ගිනි තබාගෙන සිටි බව කියන පුද්ගලයෙකු මුදා ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙත ගිනි තබා ගත් පුද්ගලයා කඩාපැන බදා ගත් නිසා එම පොලිස් නිලධාරීන් දෙදෙනා පිලිස්සුම් තුවාල ලබා ඇති බව වාර්තා වේ .

පිළිස්සුම් තුවාල ලැබූ වාලච්චේන පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා සහ සිරුර සිරුරට ගිනි තබා ගැනීම නිසා පිළිස්සුම් තුවාල ලැබූ 38 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා වාලච්චේන සහ මඩකලපුව රෝහල්වලට ඇතුළත් කර ඇති බව සඳහන් .

පොලීසිය පවසන්නේ මැදපෙරදිග රටක රැකියාවක නිරතව සිටින බිරිඳට මුදල් එවන ලෙස ඉල්ලා බල කිරීම නිසා දෙදෙනා අතර හට ගත් ආරවුලක් දුරදිග යෑමෙන් පසු මෙම 38 හැවිරිදි පුද්ගලයා ඔහුගේ සිරුරට ගිනි තබාගෙන ඇති බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වූ බවයි.

Exit mobile version