බම්බලපිටියේ ඩ්‍රෝන යානාවක් යැවූ සරසවි සිසුවා අත්අඩංගුවට.

බම්බලපිටිය දුම්රිය පොළ ආසන්නයේ ඊයේ (05) දින රාත්‍රියේ අනවසරයෙන් ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කරමින් සිටි සරසවි සිසුවෙකු  බම්බලපිටිය ඕෂන් ටවර් ගොඩනැගිල්ලේ පිහිටි ගුවන් හමුදා මුරපොළේ කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන 22 හැවිරිදි තරුණයෙකි.

බම්බලපිටියේ අවන්හලකට වසරක් සැපිරීම නිමිත්තෙන් එය සැමරීම සඳහා මෙලෙස ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කළා යැයි සැකකාර සිසුවාගෙන් කළ ප්‍රශ්නකිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ.

සරසවි සිසුවා සන්තකයේ තිබූ ඩ්‍රෝන යානාව  ද බම්බලපිටිය පොලිසියට බාර දී ඇති බව සඳහන්.

Exit mobile version