ඊයේ (30) දින යාපනය කෝපායි ප්‍රදේශයේදී විදුලි සැර වැදීමකින් සිදුවු අනතුරක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාව්වේ.
මෙලෙස විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෝපායි ප්‍රධාන මාර්ගයේ ඇති රථවාහන අළුත්වැඩියා කරණු ලබන ගරාජයකදී බව සදහන් වේ.
අනතුරින් මියගොස් ඇත්තේ සෙල්වරාසා සුජීදරන් නැමති යාපනය ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 40 ක් පමණ වන තිදරු පියෙකි.
මිය ගිය පුද්ගලයාගේ දේහය කෝපායි රෝහලේ තැම්පත් කොට ඇති අතර අනතුර සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
