සෞඛ්‍ය වර්ජනය ගැන තීන්දුව අද සවසට.

මෙරට සිදුකරන දැවැන්ත අඛණ්ඩ වැඩ වර්ජනයක ආරම්භය ගැන අද (25) සවස තීරණය කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මේ පිළිබඳව අවසන් සාකච්ඡාවක් අද (25) මෙරට වෘත්තීය හා සිවිල් සංවිධාන රැස්වී සිදුකරන බව ඔහු සඳහන් කර තිබේ .

සෞඛ්‍ය වෘත්තිකයන් ජන මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම වළක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට විරෝධය පළ කරමින් සෞඛ්‍යය වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන රැසක් ඊයේ (24) දිනයේ ඒකාබද්ද පෙත්සමක් අත්සන් කළ අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් සිදු කර තිබේ.

නමුත් අදාළ ඒකාබද්ධ පෙත්සම අත්සන් තැබීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහභාගී නොවූ බව වාර්තා වේ .

Exit mobile version