මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් විළිඹුල ප්‍රදේශයේ මංගල උත්සවයක් පැවති අවස්ථාවේ දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුරදිග ගොස් සිදු කළ පිහි ඇනුමකින් 59 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
පිහි ප්‍රහාරයෙන් තුවාල ලබා රදාවාන රෝහලට ඇතුලත් කිරීමේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විළිඹුල පදිංචිව සිටි මාගම්මනගේ සිරිමෙවන් නැමැති තිදරු පියෙකු බවට පොලීසිය පවසයි.
ඊයේ (12) රාත්‍රියේ විළිඹුල ප්‍රදේශයේ නිවසක පැවති කොටහලු මංගල උත්සවය අවස්ථාවේ එම දැරියගේ පියාගේ සොහොයුරෙකු පිහි ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බව සදහන්.
