සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට තවමත් සභාපතිවරයෙක් නෑ .

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට නව සභාපතිවරයකු මෙතෙක් පත්නොකිරීම හේතුවෙන් ප්‍රතිලාභ හිමියන්ට මුදල් ගෙවීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

අදාළ ප්‍රතිලාභ මුදල් ගෙවීම අනුමත කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය රැස් විය යුතු වූවත් ,  මණ්ඩලයට මෙතෙක් සභාපතිවරයකු පත්නොකිරීම හේතුවෙන් මුදල් ගෙවීම් අනුමත කිරීමට නොහැකි වී තිබෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු නියෝගයකට අනුව  මෙම මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බී. විජේරත්න මහතා පසුගිය දා සිය තනතුරින් ඉල්ලා අස් විය.

අනතුරුව නව සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න පත්කරන ලෙසට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර තිබුණත් , ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව විසින් අදාළ නම මෙතෙක් අනුමත කර නොමැති බව සඳහන් වේ.

Exit mobile version