සුභසාධන සභාපති පුටුවට නමක් නිර්දේශ කරයි.

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නව සභාපති ධුරයට ජයන්ත විජේරත්න මහතාගේ නම නිර්දේශ කරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට දන්වා යවා ඇති බව වාර්තා වේ.

ජයන්ත විජේරත්න මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ හිටපු සභාපති බී.විජයරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් මෙම පුරප්පාඩුව ඇතිවී තිබුණි.

Exit mobile version