වැලිගම ප්‍රදේශයේ නිවසක කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව වාර්තා වේ.
අද (25) උදෑසන ඒ සම්බන්ධයෙන් පොලිසියට නිර්නාමික දුරකථන පණිවිඩයක් ලැබී ඇති අතර ඒ අනුව අදාළ නිවස පරීක්ෂා කිරීමේදී එම කාන්තාවගේ සිරුර හමුවී ඇති බව සදහන්.
එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 52ක් වන ජෝති කොරටුව ,වල්ලිවල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇයගේ සැමියා ඊයේ (24) දහවල් ධීවර රැකියාව සදහා ගොස් අද උදෑසන නිවසට පැමිණෙන විට සිය බිරිඳ කාමරයක ඇදක් මත මියගොස් සිට ඇති බවට පොලිසිය පවසයි.
එම මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව සදහන්.