තම මිතුරියට කරදර කරන්න බිරිඳ සැමියාට අනුබල දීලා.

සිය බිරිඳගේ මිතුරියක් අපයෝජනයට ලක්කළ සැමියෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

සැමියාට මෙම තරුණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ වරදට බිරිඳවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අපයෝජනයට ලක්වූ බව කියන තරුණිය සහ මෙම අඹුසැමි යුවළ එක්ව මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මෙම අපයෝජනය සිදුව ඇති බවත් ඔවුන් අධික ලෙස මත්පැනට ඇබ්බැහි වී ඇති බවත් විමර්ශනවලදී හෙළිව තිබේ.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ අද (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

Exit mobile version