තුවක්කු අරන් ආ චන්ඩි කොස්සෙන් මෙල්ල කළ කාන්තාවක් .

වෙඩි වරුසාවක් මධ්‍යයේ තුවක්කුකරුවන් කොස්සෙන් මෙල්ලකළ අපූරු කාන්තාවක් ගැන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයෙනි.

හර්යානා හි Bhiwani ප්‍රදේශයේ පුද්ගල ඝාතන සිද්ධියක සැකකරුවෙකු වන Harikishan නමැති පුද්ගලයා ඉලක්ක කර යතුරුපැදි දෙකකින් පැමිණෙන කණ්ඩායමක් විසින් වෙඩි වරුසාවක් එල්ලකර ඇත.

එහිදී එම ස්ථානයේ අසල්වාසී නිවසක සිටින කාන්තාවක් කොස්සක් රැගෙනවිත් එම පිරිසට පහරදීමට උත්සාහ කරන අතර අනතුරුව වෙඩික්කරුවන් පිරිස එම ස්ථානයේ පළාගොස් තිබේ.

කෙසේ වෙතත් එරට පොලීසිය පවසන්නේ වෙඩික්කරුවන් කාන්තාව දෙසට ද වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එය ඇයට නොවැදී ඇති බවය.

වෙඩි ප්‍රහාරයට ලක්වූ Harikishan නමැති පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ.

ඔහු මීට පෙර Ravi Boxer නමැති පුද්ගලයාගේ ඝාතන සිද්ධියේ සැකකරුවෙකි.

එම අවස්ථාවේ කාන්තාව විසින් මෙලෙස කොස්සක් ගෙන තුවක්කුකරුවන් මෙල්ලකරන අයුරු දැක්වෙන වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ලෙස හුවමාරු වෙමින් පවතී.

Exit mobile version