ලොව පළමු වරට කෘත්‍රිම මානව කලලයක් නිර්මාණය කිරීමට අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් සමත් වී ඇති බව වාර්තා වේ.
මෙම කලලය නිර්මාණය කිරීමට හැකිව ඇත්තේ ඩිම්බ සෛල සහ ශුක්‍රාණු සෛල නොමැතිව බවත් මේ කෘත්‍රිම මානව කලලය වෛද්‍ය ඉතිහාසයේ පෙරළිකාර සොයා ගැනීමක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.
ප්‍රාථමික මට්ටමේ පවතින මේ කෘත්‍රිම කලලයට ස්පන්දනය වන හදවතක් සහ මොළයක් නොමැති නමුත් ජානමය රෝග සහ ගබ්සා වීම්වලට හේතු සොයා ගැනීමට මෙය අනාගතයේදී ඉවහල් වනු ඇති බව පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.
මෙම සොයාගැනීමත් සමග අනාගතයේදී මෙවැනි කෘත්‍රිම මානව කලල නිර්මාණය සහ භාවිත කිරීම සම්බන්ධව නීති රෙගුලාසිවල අවශ්‍යතාවක් මතුවන බව විදෙස් වාර්තාවල සඳහන් .
