ජනපතිටත් අභියෝග කළ රිට් පෙත්සම අද විභාගයට.

කුරුන්දි විහාර පුරාවිද්‍යා භූමියේ සහ නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යා උරුම කලමණාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් හඳුනාගෙන ඇති පුරාවිද්‍යා ස්ථානවල මායිම් ගල් ගැලවීමට ජනාධිපති හරහා ජුනි 08 වන දින දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති රීට් පෙත්සම (367/23) , අද (20) දින විභාගයට ගැනීමට නියමිත බව වාර්තා වේ .

වාර්තා වන ආකාරයට මෙහි පෙත්සම්කරුවන් වන්නේ හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, මුලතිව් අරක්ෂක සේනා ආඥාපති හා මානුෂික මෙහෙයුමේ 57 වැනි සේනාංකාධිපති වූ විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස්, විශ්‍රාමික බිගේඩියර් අතුල හේමචන්ද්‍ර ද සිල්වා හා විශ්‍රාමික ලුතිනන් කර්නල් අනිල් සුමේද අමරසේකරයි.

එමෙන්ම මෙහි වගඋත්තරකරුවන් ලෙස බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග, වත්මන් වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රදීපා සේරසිංහ, ඉඩම් කොමසාරිස් ජෙනරාල්, හා නීතිපති නම්කොට ඇති බව සදහන් වේ.

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ප්‍රධාන නිතිඥ මඩුල්ලක් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටින බව වාර්තා වේ .

Exit mobile version