රුහුණු කුමාරි දුම්රියට පානදුර දුම්රිය ස්ථානයෙන් ගොඩවීමට ගිය තරුණයකු පය ලිස්සා දුම්රිය වේදිකාව සහ දුම්රිය අතරට ඇදවැටී තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ පානදුර කුරුස හන්දිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
කොළඹ පිටකොටුව ප්‍රදේශයේ වෙළද සැලක සේවය කරන ඔහු අද උදෑසන සේවයට යාමට දුම්රියට ගොඩවීමට යාමේදී පය ලිස්සා ඇදවැටී ඇති බව සදහන් .
අසල සිටි ත්‍රීරෝද රථ රියදුරෙකු තුවාල ලබා සිටි තරුණයාව පානදුර මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.
