විදෙස්ගත වෙන්න සිටි තරුණිය අභිරහස් ලෙස ජීවිතක්ෂයට.

අද (09) අලුයම ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණයක නිවසක පදිංචිව සිටි තරුණියක් ඉහළ මහලයකින් පහළට වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 වාර්තා වන ආකාරයට මරණකාරිය එංගලන්තයේ පදිංචිකාරිනියකි.

ඇය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීති ශිෂ්‍යයෙකු හඳුනාගෙන ඇති අතර පසුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබේ. අන්තර්ජාලය හරහා වෙන් කරගන්නා ලද ගල්කිස්ස අල්විස් මාවතේ පිහිටි අදාළ නිවාස සංකීර්ණයේ නිවසක් කුලියට ගෙන ඇති ඇය, පසුගිය අප්‍රේල් මස ලංකාවට පැමිණ එහි පදිංචිව සිට තිබේ.

ගල්කිස්ස පොලීසිය පවසන්නේ හෙට (10) දින ඇය නැවතත් එංගලන්තය බලා යාමට නියමිතව තිබුණු බවත් ,  අද (09) අලුයම දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇති බවත් ය.

 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version