බුලත්සිංහල , දෙහිගහවෙල ප්‍රදේශයේ නිධන් වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි තරුණයින් කිහිපදෙනෙකු ඊයේ (6) දිනයේදී සිදු කළ වැටලීමක දී බුලත්සිංහල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මොවුන් සතුව තිබූ කැණීම් උපකරණ , පූජා භාණ්ඩ ද පොලිස් භාරයට ගත් බව සඳහන් .
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අවුරුදු 21 , 23 සහ 24 වයස්වල පසුවන්නන් වන අතර මොවුන් අද (7) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු බුලත්සිංහල පොලීසිය විසින් සිඳු කරන බව වාර්තා කරයි.
